Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය වීමට හේතු 08ක් බලපෑ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි. 

ඒ අනුව, 

1. 2015 වසරේදී හොරු අල්ලන බව කියමින් බලයට පැමිණියත් එක හොරෙකුවත් නොඇල්ලීම සහ මහබැංකු බැඳුම්කර චෝදනාවට ආණ්ඩුව ලක්වීම

2. තමන්ව බලයට ගෙන ඒම සඳහා ප්‍රචාරණ කටයුතු සිදුකළ, ඒනිසාම පහරකෑමට පවා ලක්වූ පාක්ෂිකයින්ට රැකියා, සමෘද්ධි ලබා නොදීම, පක්ෂ නායකත්වයට ඒ ගැන කැක්කුමක් නොතිබීම

3. මහා සංඝරත්නය අගෞරවයට පත් කිරීම

4. ආණ්ඩුව විශාල වැඩ කොටසක් සිදුකළ නමුත් ඒවාට අදාළව ප්‍රචාරණය ලබා නොදීම

5. ප්‍රතිවාදී අපේක්ෂකයා වසර දෙකක සිට ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී සජිත් ප්‍රේමදාස මහතාට අවසන් මොහොත තෙක්ම අපේක්ෂකත්වය ලබා නොදීම

6. තැපැල් ඡන්දයට පෙර දා කළ ප්‍රකාශය

07. ජනාධිපතිවරණයට සතියක් තිබියදී මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම කරළියට ගෙන ඒම

08. ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂය විසින් අරමුදල් සපයා නොදීම 

යන හේතු මීට බලපෑ බවයි ඒ මහතා සඳහන් කළේ

එසේම අරමුදල් පිළිබඳ ගැටළුව පැහැදිලි කරමින් "අර සිරිසේන ඉල්ලනකොටත් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, ආසන සංවිධායකවරුන්ට අපේ පක්ෂයෙන් සල්ලි හොයලා දුන්නා. ඡන්ද කොරන්න. මොකද කැන්වසින් යන අයට තේ එකක් දෙන්න ඕනෙ, වතුර ටිකක් දෙන්න ඕනෙ, බත් ටිකක් දෙන්න ඕනෙ. අද අපේ පක්ෂයෙන් හොයලා දුන්නෙ නෑ. අද සජිත් ප්‍රේමදාස, තමුන්නාන්සෙලාගෙ ආදරණීය නායකයා ලක්ෂ 2600ක් ණයයි. අද ණයයි එතුමා. එතුමාට තනියෙන් ඔක්කොම හොයාගන්න වුණේ. අර පිටගම්කාරයා ආපු වෙලාවෙ ඔක්කොම කරලා දුන්නා, හැබැයි අපේ නායකයා ආපු වෙලාවේ ඒවා කරලා දුන්නෙ නෑ" යනුවෙන් ඒ මහතා තම පක්ෂයට චෝදනා කළේය. .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements