Featured News

Video Gossip

Advertisement

හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාලව තමාව අත්අඩංගුවටගැනීම වලක්වන ලෙස අපේක්ෂිත ඇප අයදුම්පතක් අගෝස්තු 19 වනදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලා සිටි අතර එයඅගෝස්තු 20 වනදින කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් යළි සලකා බලා ප්‍රතික්ෂේප කල අතර හිටපු ඇමතිරාජිත නැවත යළිත් එදින ඇප අයදුම්පතක් ඉදිරිපත් කරද්දී ඔහුගේ මාධ්‍ය ලේකම් රටින් පලාගොස් ඇති බව මේ වන විට රහස්පොලිසිය මගින් හෙළි කරගෙන ඇත.‍

සුදුවෑන් රියදුරන් රහස් පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ව වේශනිරූපනය කිරීමේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවපැවැත්වීම දක්වා සියලු කටයුතු කරන ලද්දේ මාධ්‍ය ලේකම් එම්.අයි.ජේ. විජේනායක (මලිත්) විසින් බවයි.

ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වද්දී හෙළිව ඇත්තේ ඔහු මේ වනවිට රටින් පලාගොස් ඇතිබවයි.

ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව රහස් පොලීසිය සදහන් කරයි. එම නිසා ඔහු මේ වන විටපළාගොස් ඇති රට පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කරයි.

ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් විසින් මලිත් විජේනායක මහතාගේ නිවස කිහිපවිටක් පරික්ෂා කොට ඇති අතර විජේනායකමහතාගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කොට ඇත.

මොහු රාජිත සේනාරත්න මහතාට එරෙහි ප්‍රබල සාක්ෂි කරුවෙකු බැවින් ඔහුව කෙසේ හෝ අත්අඩංගුවට ගතයුතු බවට ඉහලින්උපදෙස් ලැබී තිබේ.

මීට පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් UN General Assembly සදහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට යනඅතරතුර කටාර් ගුවන් තොටුපලේදී තම පවුලේ ඥාතින් ඇතුළු හිත මිතුරන් රැගෙන යන ඡායාරූප මාධ්‍යයට නිකුත් කල චෝදනාඇතුළු මාධ්‍ය හරහා විවිධ දේශපාලඥයන් පිළිබද හෙළිදරව් කල නිසා ඔහුට විවිධ චෝදනා එල්ල වූ මාධ්‍යවේදියෙකි.

2015 ට පෙර පැවැති තත්ත්වයට රට යළි පත්වෙමින් ඇත. රාජපක්ෂ රජයට විරුද්ධ වන පුද්ගලයන් මෙන්ම මාධ්‍යවේදීන් මර්ධනයකිරීමේ කටයුතු රහස් පොලිසියට හා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පවරා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements