Advertisement

පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් 10දෙනකු සම්බන්ධයෙන් එල්ල වී ඇති ප්‍රබල චෝදනා ගැන ඉදිරි දෙසතියක කාලය ඇතුළත කටඋත්තරයක් හෝ ලබා නොගතහොත් වර්තමාන ආණ්ඩුවට විරුද්ධව කැරැලි ගැසීමට සිදුවන බව රාවණ බලය සංවිධානය මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළහ.

මේ සඳහා භික්ෂු සංවිධාන රැසක් අවධානය යොමුවී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ස්විස් තානාපති කාර්යාල සේවිකාවකගේ කටට පිස්තෝලයක් දැමීම, සුදු වෑන් නාට්‍ය සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව රහස් පොලිසියේ පැමිණිලි කර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන්ට රැකවරණය දීම, සංඝරත්නයට අපහාස කිරීම, බැඳුම්කර වංචාව, විල්පත්තු විනාශය ඇතුළු හිටපු ඇමතිවරුනගේ වංචා දූෂණ රැසක තොරතුරු ද ඇතුව රහස් පොලීසියට මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ඒ ගැන කිසිවකුගෙන් හෝ ප්‍රකාශයක් සටහන් කරගෙන නැතැයි උන්වහන්සේ කීහ.

මෙතරම් පැමිණිලි ගණනාවක් සිදු කර සිටියදීද දිගින් දිගටම පොලිසි වල රස්තියාදු වීමට මහා සංඝරත්නයට නොහැකි බවද කී උන්වහන්සේ මෙම චෝදනා ගැන නීතිය ක්‍රියාත්මක වන තුරු බලා සිටින බවද කියා සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements