Featured News

Video Gossip

Advertisement

වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර කඩිනමින් ලබාදිය හැකි බව කියමින් වංචා සහගත ලෙස ජනතාවගෙන් මුදල් ගරා ගැනීමේ නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු ඊයේ (30) පොලිස් උපායදූතයන් යොදවා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය සහ නුගේගොඩ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී හැකි වී තිබේ.

එලෙස අත්අඩංගුවට ගන්න ලද අයගෙන් එක් පුද්ගලයකු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සේවය කරන බව හඟවමින් කඩිනමින් රියැදුරු බලපත්‍ර ලබාදීම සඳහා ජනතාවෙන් මුදල් ලබාගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සෙසු පුද්ගලයන් පස් දෙනාද එලෙස වංචා සහගත ලෙස මුදල් අයකර ගන්නා බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ කරන ලද නිරීක්‍ෂණ චාරිකාවේදී හෙළි වූ තොරතුරු මත පොලිසිය මගින් උපාය දූතයන් යොදවා නිරීක්‍ෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව ගසා කන මෙවැනි පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වූ බවද එම ආරංචි මාර්ග පවසයි.

Get all the latest news and lanka gossip news and much more on gossip99.com

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements