Advertisement

දෛනික ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා සොයාබැලීමට සහ නීතියේ රැහැනට වැරදිකරුවන් හසුකර ගැනීමට තමා බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී තිබෙන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

රාජ්‍ය සේවකයකු දූෂණවලට හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා දඬුවම් දෙන බවත්, යළි කිසිදු දිනෙක ඔහුට හෝ ඇයට රාජ්‍ය සේවයේ යෙදීමට අවස්ථාවක් නොදෙන බවත්, ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත්තේ මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරීන් සමඟ ඊයේ (31දා) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බව එහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, සියලු රාජ්‍ය සේවාවන් සරල ආකාරයෙන් සහ ජනතාව අපහසුතාවට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළේය.

“රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩි කළ හැක්කේ ද රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙනි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල නිරත ජනතාව උපයන ආදායමෙනි. එහෙයින් සමස්ත ජනතාවට කාර්යක්ෂම සහ පවිත්‍ර රාජ්‍ය සේවයක් ලබාදීම සියලුම සේවකයන්ගේ ප්‍රමුඛ වගකීමක් බවද ජනාධිපතිවරයා කීය. පැවැති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂතාව තම ධුර කාලයේදී අවසන් විය යුතු යැයිද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී සිදු කළ යුතු වෛද්‍ය පරීක්ෂණ පිළිබඳවද අවධානය යොමු කළ ජනාධිපතිවරයා පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියැදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නැයි එහිදී දැනුම් දුන් අතර සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව පෙන්වා දුන්නේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements