Advertisement

අද (01දා) සිට තම සංගමයට අයත් ත්‍රිරෝද රථවල ගාස්තුව අඩුකර රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

මේ අනුව මෙතෙක් පළමු කිලෝමීටරයට අය කළ රුපියල් හැටක ගාස්තුව රුපියල් පනහ දක්වා රුපියල් දහයකින් අඩු කරන බවත්, දෙවැනි කිලෝමීටරය ඇතුළු එතැනින් පටන්ගන්නා සෑම කිලෝමීටරයක් වෙනුවෙන් අය කළ රුපියල් හතළිස් පහක මුදල රුපියල් හතළිහ දක්වා රුපියල් පහකින් අඩු කරන බවත් එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.

රජය ලබාදුන් බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල පහළ ගොස් තිබෙන බවත්, මේ අනුව එම වාසිය ජනතාවට ලබාදීමට මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය.

ලක්ෂ අටහමාරකට අධික ත්‍රි‘රෝද රථ ප්‍රමාණයක් මගී සේවාවල නිරත වන බවත්, ඒ සියලුම ත්‍රි‘රෝද රථ නියාමනය කර මගියාට ගුණාත්මක සේවාවක් ලබාදීමේ වැඩපිළිවෙළ රජය විසින් සිදුකළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements