මහ මැතිවරණයෙන් ජය ගෙන ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එකට වැඩ කළ හැකි යැයි කියන සංකල්පය තමන් පිළිනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එවන් ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් පවසන බවත් එය තමන් අනුමත නොකරන බව ඔහු සඳහන් කළේය.
මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැති හමුවකදීය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මෙම උත්සවය පැවැත්වින.
කෙසේ නමුත් මෑතකදී සජිත් ප්‍රේමදාස මහතා ද අවස්ථා කීපයකදීම කියා සිටියේ මහමැතිවරණයෙන් ජය ගෙන තමන් අගමැති වී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට සූදානම් බවයි.
තමන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා හොඳින් ගැළපෙන බව ද ඔහු කියා ඇත.
මේ අනුව ෆොන්සේකා මහතා අද දින වේදිකාවේ සිට දැඩිව විවේචනය එල්ල කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකටයි.

