Advertisement

දස හැවිරිදි දැරියකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයකුට ගල්වලින් ගසා කුඩා දැරියක බේරාගත්තං ගල්ලේ පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දිරිගැන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබීය.

තංගල්ල, කඳුරුපොකුණ තහංචි වැව අසලදී පුද්ගලයකු දස හැවිරිදි කුඩා දැරියකට අතවර කිරීමට උත්සාහ කිරීමේදී එය දුටු තංගල්ල, ලැබීම ප්‍රදේශයේ හඳුන්හෙත්තිගේ ඉසුරු නිම්සර (15) නම් පාසල් ශිෂ්‍යයා දැරිය බේරාගැනීමට සමත් වී තිබිණි.

තංගල්ල, කඳුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දැරියකගේ මවුපියන් නිවෙසේ නොමැති අවස්ථාවකදී
ඇය නෑදෑ නිවෙසකට යමින් සිටියදී පසුගිය දෙසැම්බර් 17 වැනිදා මෙම සිද්ධියට මුහුණ පා තිබිණි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඉසුරු නිම්සර පාසල් ශිෂ්‍යයා
දිරිගැන්වීම සඳහා ඔහුට මුදලින් ත්‍යාග පිරිනැමීමට ක්‍රියා කළේය. තංගල්ල කාල්ටන් නිවෙසේදී
පසුගියදා (6දා) නාමල් රාජපක්ෂ මහතා එම දරුවා දිරිගැන්වූ අතර ත්‍යාගද ලබාදුන්නේය.

තංගල්ල - සහම්පති මානගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements