Advertisement

මාරාන්තික කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් හතක් ඊයේ (29) නිවේදනය කළේය.


විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය එරට වැසියන්ට උපදෙස් දී ඇති අතර චීනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින්නැයි ඇතැම් රටවල් එරට වැසියන්ට උපදෙස් දී ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍ර කරගනිමින් පැතිර යන නව මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අද (29) වනවිට 132ක් දක්වා ඉහළ ගිය අතර වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ සංඛ්‍යාව ද 6000ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීන රජය නිකුත් කළ දත්තවලට අනුව ඊයේ (28) වනවිට මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 106ක් වූ අතර වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ සංඛ්‍යාව 4,515ක් විය. මේ අනුව ඊයේ වනවිට වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 26කින් ඉහළ ගොස් ඇත.

මාරාන්තික කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 20කට පැතිර ගොස් තිබේ. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය 2002-2003 කාලයේ ඇති වූ ‘සාර්ස්’ වසංගත තත්ත්වයට වඩා බරපතළ යැයි චීනයේ ඇතැම් බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ.

එදා එම වයිරසය චීන ජාතිකයන් 5,300කට ආසාදනය වූ අතර මියගිය සංඛ්‍යාව 650කට ආසන්න විය. නව කොරෝනා වයිරසය මේ වනවිට චීන ජාතිකයන් 6,000කට ආසන්න පිරිසකට ආසාදනය වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements