Advertisement

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන සමුගත යුතු බව නව සිංහල රාවයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාත්මක වන්නේ පරණ ආකාරයට ඩීල් දමමින් නම් කිසිදු වරදකරුවකුට දඬුවම් ලැබේ යයි සිතිය නොහැකි බවයි.

නව ජනාධිපතිවරයකු බලයට ගෙන ඒමට කැපවූ මහා සංඝරත්නය ඇතුළු බහුතර ජනතාවගේ පැතුම සාධාරණය මෙය නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

කටයුතු මේ ආකාරයටම සිදුවන්නේනම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට හෝ ඒවාට සම්බන්ධ දේශපාලන නායකයන්ට කිසිදු දඬුවමක් නොලැබෙනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

මද්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

මේ අතර පසුගිය වසරේ මැද භාගයේ දී හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා මෙරට ජනාධිපති විය යුතු බවයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements