යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයාගේ කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට හානියක් නොවන පරිදි නීතියේ රාමුවට අනුව කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාට උපදෙස්දී තිබෙනවා.
අත්අඩංගුවට ගැනීම දඩුවමෙන් කොටසක් නොවන බවත්,කිසියම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සිදුවිය යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බවත්,එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදුවන බවට සහතික කරන ලෙසටත් ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයින්,වෛද්‍යවරු වැනි වෘත්තිකයින් සම්බන්ධයෙන් ඉහත රාජකාරිය ඉටු කිරීමේදී අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි ගරුත්වය ලබාදිය යුතු බවටද දැනුම්දී ඇති අතර අවශ්‍ය අවස්ථාවන්හිදී නීතිපති උපදෙස් පරිදි ක්‍රියාකරන ලෙසටද අවධාරණය කර තිබෙනවා.

