වත්මන් රජය බෞද්ධ බලයෙන් බලයට පැමිණිය ද යනපොට හරි නැතැයි බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියෝ සඳහන් කරනවා.
ඒ නිසා බොදු බලය රැකීම සඳහා තෙවන බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවෙමින් ඇති බවත් කී උන්වන්සේ මද්‍රසා පාසල් නීතිගත කිරීම සම්බන්ධයෙන් රජය ඉක්මන් තීරණ නොගත යුතු බවත් අවධාරණය කර සිටියා.
මහලේකම් හිමියන් එම අදහස් පළ කළේ නාවල පාර රාජගිරියේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
“අප සංවිධානය ‘සංඝානුභාවනා’ නමින් පෙබරවාරි මස 22 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියස සිවුරු 60000 ක් පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මයක් සිදුකරනවා. එම ජාතියේ චීවර පූජාව තුළ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ රට තුළ ඇති සැබෑ තත්ත්වයයි.
ඇත්තෙන්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල වාසය කරන අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ජනතාව මුහුණදී ඇති කුරිරු අත්දැකීම් ඇතැම් ඒවා හෙළි කිරීමටත් නොහැකියි. ඒ වගේම ඉස්ලාම් හා කි‍්‍රස්තියානි ආක‍්‍රමණය එන්න එන්නම වැඩි වෙනවා. අපේ මිනිසුන් සංස්කෘතික ආක‍්‍රමණයෙන් ගලවා ගැනීම සඳහායි අපි මේ ජාතීයේ චීවර පූජාව සිදු කරන්නේ.”

