Advertisement

බැඳුම්කර වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සහ ඔහුට අනුබල දුන් අය ද අත් අඩංගුවට ගත යුතු බවත් ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට පොරොන්දු දුන්නේ සියලුම බැඳුම්කර හොරුන් ඇල්ලීමට බවත් හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

“අද පැහැදිලිව තියෙනවා අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු මහබැංකු අධිපතිතුමාගෙ කාලෙ විශාල මහබැංකු වංචාවල් සිද්ධවෙලා තියෙනවා කියලා. මේ ගොල්ලොන්වත් අත් අඩංගුවට ගන්න. අර්ජුන මහේන්ද්‍රන්වත් අත් අඩංගුවට ගන්න. මේවට අනුබල දීපු කට්ටිය අත් අඩංගුවට ගන්න. මේක තමයි ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට පොරොන්දු වුණේ.

ඔබතුමාට මාස තුනක් තියෙනවා. මේ මාස තුන තුළ ඔබතුමාට ඒ පොරොන්දු ටික ඉෂ්ඨ කරන්න පුළුවන්. මේ පොරොන්දු ටික ඉෂ්ඨ කරන්නෙ නැත්නම් තුනෙන් දෙකේ බලයක් නෙවෙයි මේ ආණ්ඩුවට නැවත බලයක් දෙන්න එපා කියන එක තමයි අපට මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්න සිද්ධ වෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මෛත්‍රී ගුණරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (25) හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements