Advertisement


තමන් සහ පහළින් මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාද පටිගත කරන ලද්දේ ප්‍රසිද්ධ කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පැවසීය.

නමුත් ඒවා ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

මෙම හඬපට හේතුවෙන් කිසිවකුගේ පවුල් ජීවිත අවුල් වන්නේ නම් ඒ ගැන තමන් කණගාටු වන බවද ඔහු කියා සිටියේය.


මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ අද පාර්ලිමේන්තුවේදීය.

කෙසේ නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සමඟ සිදුකරන ලද දුරකතන සංවාදයන් ඔහු විසින් ප්‍රතික්ෂේප නොකළ අතර ඒවා ප්‍රසිද්ධ වීම ගැනත් සමාව ඉල්ලීම පමණක් සිදු කළේය.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කියා සිටින්නේ එම හඬපටවලට පිටතින් කිසිවෙකු හෝ හඬ කවා ඇති බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements