Advertisement

එජාප මන්ත්‍රි රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධිය මේ වන විට කිසිදු බේදයකින් තොරව සෑම ක්ෂේත්‍රයකම විශාල කැලඹීමක් ඇතිකර අවසානය. මේ නිසාම එජාප මන්ත්‍රිවරුන්ටත්, විශාල පීඩනයකට මුහුණදීමට සිදුව තිබූ අතර, ඒ නිසාමදෝ රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට පෙර දින පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කියා සිටියේය. අකිලගේ මේ ප්‍රකාශයෙන් පැය 24ක් යෑමට මත්තෙන් රන්ජන්ව අත්අඩංගුවට ගැනීමත් සමග එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළාද යන්න පිළිබඳව එජාප මන්ත්‍රිවරුන් අතර තිබුණේ කිසියම් සැකමුසු බවකි. 
කෙසේ වෙතත් රන්ජන්ව දෙවැනි වතාවට අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී වෙනදා දැකගන්නට ලැබුණු එජාප මන්ත්‍රිවරුන්ගේ මුහුණු එදා දැකගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට රන්ජන් ඒ සියල්ලටම මුහුණ දුන්නේ තනිවමය. පොලිසියට ගියේද, උසාවියට ගියේද තනිවමය. රන්ජන්ව රිමාන්ඞ් කරන මොහොතේ පවා එහි කිසිදු එජාප මන්ත්‍රිවරයකුගේ මුහුණක් දැකගන්නට ලැබුණේ නැත.


මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන්ව රඳවා තැබුණේ බන්ධනාගාරයේ ‘පී’ වාට්ටුවේය. සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ අනෙකුත් වාට්ටු වන ‘ජී’, ‘එච්’, ‘ඕ’ වැනි සිර මැදිරි තරමක පහසුකම්වලින් යුත් යම් ඉඩකඩක් සහිත මැදිරි වුවද ‘පී’ මැදිරිය එසේ කිසිදු පහසුකමක් නොමැති ඉඩකඩ හෝ නොමැති කුඩා කූඩුවක් වැනි එකක් විය. අප සෑම අවස්ථාවකදීම පාහේ රන්ජන් සිනාමුසු මුහුණින් සිටින ආකාරයක් දැක තිබුණද මෙම ‘පී’ සිර මැදිරියට දමා බන්ධනාගාර නිලධාරීන් එහි දොරගුළුලන විට ඔහුගේ දෑස් තෙත් වී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එළියේදී සිතා සිටියාට වඩා තරමක අසීරු කුඩා කූඩුවකට රන්ජන්ට යෑමට සිදුවීම ඊට හේතු වූවා විය හැකිය. එමෙන්ම සිර මැදිරියට ඇතුළු වූ දිනයේම රන්ජන් තමන් පැළඳ සිටි බොරු කොණ්ඩය ඉවත් කොට තට්ටය ගෑමටද පියවර ගත්තේය. 


කෙසේ වෙතත් මේ වන විට රන්ජන්ගේ නීතිඥවරුන් ඔහුව ‘පී’ සිර මැදිරියෙන් ඉවත් කොට ‘ජී’, ‘එච්’, ‘ඕ’ වැනි සිර මැදිරිවලින් එකකට මාරු කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට රන්ජන්ගේ හඬපටවල ප්‍රතිඵල එකින් එක සමාජය ඉදිරියේ දිගහැරෙන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඉන් පළමුවැන්න වූයේ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා රන්ජන්ගෙන් තමන්ට බලපෑම් එල්ලවූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමය. දෙවැන්න වූයේ රන්ජන් සමඟ දුරකතන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පියවර ගැනීමය. මීට අමතරව රන්ජන් සමඟ කතාකළ සියලුම විනිසුරුවන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසයට මේ වන විට නියෝගයක්ද ඉදිරිපත් කොට තිබේ. 


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements