Advertisement

රාත්‍රියේ උදරයේ වේදනාව වැඩි වූ නිසා පරීක්ශා කරන විට
දරු ප්‍රසූතියක් සඳහා සූදානමක් පවතින බව හඳුනා ගත්තා

උදරයේ වේදනාවක් හේතුවෙන් ඊයේ (22) අලුයම මාතර මහ රෝහලට ඇතුළත් වූ තරුණයකුට දරුවකු ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වනවා.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ උදරයේ අමාරුවක් ඇති වූ තරුණයකු රාත්‍රියේ රෝහලට ඇතුළත් වූ
බවත් පිරිමි නමකින් ඇතුළත්ව ඇති මෙම තැනැත්තා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු සියලු තොරතුරු ලබාදී ඇත්තේ පිරිමි වෙසින් බවයි.

රෝහලට ඇතුළත් වීමට පැමිණි තැනැත්තා රෝගීන් ඇතුළත් කර ගැනීමේ අංශයේ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර ලියාපදිංචියෙන් පසු පිරිමි සඳහා වෙන්වූ 11 වාට්ටුවට යවා තිබෙනවා.

රාත්‍රියේ උදරයේ වේදනාව වැඩි වූයෙන් ඒ පිළිබඳ පරීක්ෂා කළ වෛද්‍යවරු අදාළ පුද්ගලයා පිරිමි වෙසින් පෙනී සිටින කාන්තාවක් බව හා දරු ප්‍රසූතියක් සඳහා සූදානමක් පවතින බව හඳුනාගෙන ඇති අතර ඉන්පසු ප්‍රසූතිය සඳහා 23 වාට්ටුවට මාරු කර තිබෙනවා. එහිදී දරු ප්‍රසූත අවස්ථාවක් ඇති වූ හෙයින් වහා දරු ප්‍රසූතාගාරය වෙත යවා ඇති අතර එහිදී පිරිමි දරුවකු බිහි කර තිබුණා.

මාතර මහ රෝහලේ පොලිසිය පැවැසුවේ පිරිමියකු ලෙසින් මෙලෙස පෙනී සිට ඇත්තේ දෙවිනුවර ප්‍රාදේශයේ පදිංචි 26 හැවිරිදි අයකු බවත්, ත්‍රිරෝද රථ රියැදුරකු ලෙසින් සේවය කර ඇති බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements