Advertisement

ODEL ආයතනයේ ඇතිවූ ප්‍රසිද්ධ සිදුවීම පිළිබඳව උදාරි වර්ණකුලසුරිය වසර ගනනාවකට ඉහතදී සති අන්ත පුවත්පතක් සමඟ දක්වා තිබු අදහසක් අපට අන්තර්ජාලය තුලින් හමු වුනා එය පහතින් පහතින්, 

උදාරි ගැන gossip පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ...? 

මම ඒ ගැන හිතන්නෙ නෑ...
ගණන් ගන්නෙ නෑ... කෙටියෙන්ම කිව්වොත් ඒවා බලන්නෙවත් නෑ. ප්‍රසිද්ධ හින්දානේ මඩ ගහන්නේ... කවුරු හරි කීයක් හරි හොයාගන්න කරන වැඩක්නේ... මම ඒ අයට අනුකම්පා කරනවා. 

gossip එක බොරුවක් නම් නම කැත වෙන්නේ ඔයාගෙනේ... ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? 

ප්‍රශ්නයක් තමයි. ඒත් ඇත්ත කවදාහරි එළි වෙනවානේ... එතකන් ඉවසනවා. 

හිත සසල කරපු gossip එක මොකක්ද? 

වෙබ් අඩවියක ගියා මම ඇමැති කෙනෙක් එක්ක යුරෝපා සංචාරයක් ගියා කියලා. එදා මම ගියේ සිංගප්පූරුවට. මගේ මහත්තයා ළඟට. මගේ කරුමෙට ඒ Air line එකේම ඔය කියන ඇමැතිවරයා යුරෝපා සංචාරයක ගියා. ඒක තමයි ඔය gossip web එකේ ගියේ. පස්සේ මගේ මහත්තයා ඒ gossip එකට කතා කරලා කිව්වා උදාරි ඉන්නේ මගේ ළඟ ඕක බොරු gossip එකක් ඒ නිසා ඒ gossip එක අයින් කරන්න කියලා.. පහුවදා ඒ වෙබ් එකේම ගියා උදාරිගේ සැමියා එයාලට මරණ තර්ජන කළා කියලා. ඒක දැක්කහම නම් මට මාර දුක හිතුණා. 

ඔඩෙල් gossip එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද? 

දැන්නම් ඕක ඇති වෙලා... ODEL නම් උදාරි. උදාරි නම් ODEL වගේ... නඩුවකුත් ගිය නිසා ඒක බොරු gossip එකක් කියන්නත් බෑනේ. ඒත් නඩුවෙන් මොකද වුණේ කියලා කවුරුත් දන්නෙ නෑ.. ඉතින් දැනගන්නත් එක්ක කියමුකෝ...? නෑ... ඒක ගැන කතා නොකර ඉමු. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් ඒ ගැන නම් කියන්නෙම නෑ... 

හැබැයි ODEL සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා...? 

ඔව්... ඊට පස්සේ අවුරුද්දෙ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියත් වුණා. 

ඒ කියන්නේ ඔය සම්මානයට හේතුව ඒ සිද්ධිය නිසා ලැබුණු ජනප්‍රියත්වයද? 

අපෝ නැහැ. බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලාට ලැබුණු ප්‍රතිචාර තමයි ඒ. මං ගැන පැතිරුණු එක කතාවක්වත් මගේ රසිකයෝ ගණන් නොගත්ත නිසානේ මට මනාප ලැබුණේ. 

නමුත් ගොසිප්99 අපට වාර්තාවන පරිදි මෙම සිදුවීම වෙළද ප්‍රචාරණයක් උදෙසා සිදුවූවක් ලෙස ඇතැම් පාර්ශව සදහන් කරනාවා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements