Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පුහුණුකාරධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනුකළ නඩුව කිසිඳු ප්‍රතිඵල රහිත ක්‍රියාමාර්ගයක් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේබව සඳහන් කළේ සිරිකොතදී ඊයේ (07) පැවති මාධ්‍යහමුවකට එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මේ දිනවල හතුරුසිංහ මහතා විසින් වන්දියක් ඉල්ලා තිබීම විශාල ආන්දෝලනයක් වී ඇති බවයි.

හතුරුසිංහ මහතාට ගෙවන ලද වැටුපෙන් අද දවසේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විදේශිකයින් පස් දෙනෙකුට වැටුප් ගෙවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

මොවුන් ලෝකයේ සිටින හොඳම අය පස් දෙනෙකු බවත් හතුරුසිංහ මහතාගේ වැටුප ඔවුන් පස් දෙනාට ගෙවන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්න නීතිඥවරුන් විසින් නීති උපදෙස් මත හතුරුසිංහ මහතා ඉවත් කළ බවත්, ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමට සිදුවෙයි ද එය එතුමාගේ සිහිනයක් පමණක් වෙයි ද නොදන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements