එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හෙළිදරව් වූ හඬපට මගින් ඔහු පමණක් නොව ඔහුට ඉහළින් සිටින පිරිස් ද මෙවර අමාරුවේ වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
දැනට සොයාගෙන ඇති හඬපට අනුව පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් ගණනාවක් පොලිසියට සහ අධිකරණයට බලපෑම් කළ බව හෙළි වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
රාමනායක මහතාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හඬ පට වලින් පැවති ආණ්ඩුව විසින් අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධ ප්‍රබල සාක්ෂි සියල්ල හෙළි වී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

