Advertisement

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයකල පළමු අවස්ථාව මෙය නොවෙයි.

2016 දී ද ඔහු මෙරටට පැමිණිලා.


වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා වත්මන් සංචාරයේ නිරත වන්නේ ජනාධිපති ධුරයෙන් ඔහුගේ පළමු ශ්‍රී ලංකා ගමන වශයෙනි. කෙසේ වෙතත්, මෙය ටෝ ලාම් මහතාගේ සමස්ත ශ්‍රී ලංකාවට වන පළමු නිල සංචාරය නොවන බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.

2016 ඔක්තෝම්බර් මස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පැමිණීම

2016 ඔක්තෝම්බර් මාසයේදී, එවකට වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි ටෝ ලාම් මහතා, ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයක් මත මෙරටට පැමිණියේය. එහිදී ඔහු එවකට ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා හමුවී වැදගත් සාකච්ඡා පැවත්වා ඇති බව වියට්නාම CAND පුවත්සේවය පවසයි.
දැඩි මතබේදයට තුඩුදුන් මීමුරේ පුවතේ
දේශපාලන ප්‍රතිවාදී කතාවක් පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

‘ගොසිප්99’ වෙබ් අඩවිය පළ කළ මීමුරේ දිට්ටා  සුලුකුණාට සමග ඇති වූ ව්‍යසනය හා සබැඳි පුවතක් දැඩි මතභේදයක් ඇති කර තිබුනි.

විශේෂයෙන් එම පුවතෙන් මීමුරේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි. ගංවතුර සහනාධාර මුදල් අවභාවිතා කිරීමක් සහ අධි සංවේදී පරිසර කලාපයක පිහිටි තංගප්පුව හරහා මීමුරේට යන මාර්ගය විවෘත කිරීමට කටයුතු කිරීම එම චෝදනා අතර විය.
විදුලිබල ඇමති ජයකොඩිගේ ධූරය පිළිබඳ
පරස්පර වාර්තා මැද රජය නිහඬයි 
ඉවත් කිරීමට ජනපතිගේ තීරණයක්? 
පැලවත්ත රැස්වීමකදී ඉවත් කරන ලෙස යෝජනා

කොළඹ, අප්‍රේල් 3 – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇති බවට ජනාධිපති කාර්යාලය ආශ්‍රිත ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළ වන අතර, ඊට ප්‍රතිවිරුද්ධව පසුගියදා කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි. මේ සියල්ල මධ්‍යයේ ජනාධිපති කාර්යාලය හෝ රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

පැලවත්ත ජවිපෙ මූලස්ථාන රැස්වීම

“ඉන්ධන ගබඩා මදි” කියන ආණ්ඩුව තියෙන
ටැංකිවලින් පුරවා තිබුනේ 40%ක් පමණයි. 
අපිට මාස 2යි දවස් 10කට ඉන්දන ගබඩා කරන්න පුළුවම් 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කරයි

කොළඹ, මාර්තු 31 – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ඉන්ධන පිරවීමට ගබඩා ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කළද, දැනට පවතින ගබඩාවලින් ඉන්ධන පුරවා ඇත්තේ 40%ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු බලෂක්ති නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

‘හිරු බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අද (31) අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රටට අවශ්‍ය ඩීසල් මාස දෙකයි දවස් දහයක් ගබඩා කර තබාගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් මේ වන විටත් පවතින බව පෙන්වා දුන්නේය.

ගල් අඟුරු කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ
ඉන්දියාවේ මත්පැන් ජාවාරම්කරුවෙකුටයි - හිටපු ඇමති පාඨලී චම්පික රණවක හෙලි කරයි

කොළඹ, මාර්තු 31 – මෙරට ගල් අඟුරු ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සහ දේශපාලන පක්ෂවලට අල්ලස් ලබා දුන් පුද්ගලයෙකුට අයත් සමාගමකට ලබා දී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙම ගල් අඟුරු ගනුදෙනුව පිටුපස සිටින ප්‍රධානියා සරත් රෙඩ්ඩි නැමැත්තෙකු බවත්, ඔහු 2021-22 කාලසීමාවේදී දිල්ලියේ ව්‍යාජ අරක්කු විකිණීමේ ජාවාරමකට සම්බන්ධව වරදකරුවෙකු වූ බවත් පෙන්වා දුන්නේය.
බිමල් රත්නායක අනතුරු අඟවයි
බාල ගල් අඟුරු ගෙනාවත් දැන් කරන්න දෙයක් නෑ! 
දඩ ගැහුවොත් සමාගම බංකොලොත් වෙයි
– බිමල්ගෙන් දැඩි ප්‍රකාශයක්

කොළඹ, මාර්තු 28 – ගල් අඟුරු ආනයනය කළ සමාගමකට නියම කළ අසීමාන්තික දඩ මුදල් හේතුවෙන් එම සමාගම බංකොලොත්භාවයට පත්වුවහොත් රටට ගල් අඟුරු ලබාගැනීමට නොහැකි වන බවට බලශක්ති අමාත්‍ය බිමල් රත්නායක මහතා අනතුරු අඟවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පාර්ලිමේන්තුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, එම සමාගම විසින් මේ වන විටත් ඩොලර් මිලියන 2ක පමණ දඩ මුදලක් ගෙවා ඇති බවයි.

"රටට කිසිවක අතිරික්තයක් නැත"
සතියක රෙදි එක පාර සෝදන්න කියා 
ඇමති හඳුන්නෙත්තිV8 රථයෙන් පොළොන්නරු ගිහින්
සමාජ මාධ්‍ය, ජනතාව අතර දැඩි විවේචනයක්

පොළොන්නරුව, මාර්තු 28 – කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීම සඳහා V8 එන්ජිමකින් යුත් සුඛෝපභෝගී රථයකින් පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වීමත් සමග දැඩි මහජන විවේචනයක් ඇති වී තිබේ.

බලශක්ති අර්බුදය මධ්‍යයේ ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා ජනතාවට ගමන් බිමන් සීමා කරන ලෙසත්, දින තුන හතරකට වරක් රෙදි සෝදන යන්ත්‍ර භාවිතා කරන ලෙසත් අමාත්‍යවරයා විසින් මීට පෙර මහජනතාවට උපදෙස් දී තිබුණි. එවැනි පසුබිමක අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වාහනයක් අමාත්‍යවරයා විසින්ම භාවිතා කිරීම ප්‍රශ්න කරමින් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ තම අදහස් පළ කර ඇත.

ජනාධිපතිවරයාගේ පෙර ප්‍රකාශය ද සිහිපත් වෙයි
පිඹුරා සමඟ නැටූ තරුණිය ඇප මත මුදාහැරීමට නියෝග 
වීඩියෝව මුදාහළ තරිඳු වෙල්හේනගේටත් ලෙඩක්

කොළඹ ‘රෝයල් මාක්ස් අරීනා’ පරිශ්‍රයේ පැවති “රාජකීය අවුරුදු කුමරා කුමරිය” තේරීමේ උත්සවයේදී ආරක්ෂිත සතෙකු වන පිඹුරෙකු ගෙලේ පටලාගෙන නර්තනයේ යෙදුණු සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න ඊයේ (24) නියෝග කළේය.

ඇප කොන්දේසි
රනිල්ට ආරාධනා කළේ අපි!
වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CIDයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ University of Wolverhampton හි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබූ බවත්, එහිදී ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමන ලද බවත් එම විශ්වවිද්‍යාලය Criminal Investigation Department (Sri Lanka) වෙත දැනුම් දී ඇති බව ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.

මෙම තොරතුරු ලබාදී ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව CIDය කළ විමසුමකට ප්‍රතිචාර වශයෙන් බව සඳහන් වේ. එසේම, අදාළ විශ්වවිද්‍යාලය රාජ්‍ය අරමුදල් ලබන රජයට අනුබද්ධ ආයතනයක් බවද එහි උපකුලපතිවරයා CID අධ්‍යක්ෂවරයාට දන්වා තිබේ.
ගිය මාසේ තෙල් ලීටර් 40ක් ගැහුවා නම් මේ මාසේ 30ට අඩු කරන්න

“ජනතාවම තෙල් භාවිතය අඩු කරන්නවානම් QR ඕන නෑ…


ජනතාව ස්වයංව ඉන්ධන පරිභෝජනය අඩුකරගන්නේ නම් QR පද්ධතියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම, විදුලි පරිභෝජනය අවම කිරීම සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම මගින් ජනතාවට ඉන්ධන භාවිතය අඩුකරගැනීමට හැකි බවයි.
පියුමි හංසමාලිගේ පෙම්වතා අත්අඩංගුවට
හේතුව බරපතලයි

Piumi Hansamali සමඟ මීට පෙර සමීප සබඳතාවක් පැවැත්වූ බව සමාජ මාධ්‍යවල සඳහන් වන පුද්ගලයෙකු මූල්‍ය වංචා චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ලැබී ඇති තොරතුරු අනුව, මෙම පුද්ගලයා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබේ. එම මුදල් වංචාව සම්බන්ධයෙන් පීඩිත පාර්ශවය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
සරලභාවය ප්‍රශංසා කළ කතානායකට නිවාස දෙකක්?

ලේකම් එක්ක ලොරිස් පාරේ නිවාස දෙකකට එයි…!

කතානායක ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන දෙදෙනාට රජයේ නිවාස දෙකක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ බව පැවසෙන ලිපි දෙකක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව වාර්තා වෙයි.

එම ලිපි අනුව, නිවාස දෙකම කොළඹ ලොරිස් මාවතේ එකම නිවාස පරිශ්‍රයකින් වෙන්කර ඇති බව සඳහන් වේ. කතානායකවරයාට නිල නිවසක් හිමි වුවද, ඔහු එය දැනට භාවිත නොකරන බවද පැවසේ.

ලංකා විදුලිබල මණ්ඩලය
වාර්තාවෙන් හෙළිවේ
බාල ගල්අඟුරු නිසා කෝටි 767ක පාඩුවක්!

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යටිතල පහසුකම් සහ ක්‍රමෝපායික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කළ නිල ලිපියකට අනුව, ලක්විජය බලාගාරය සඳහා ලබාගත් බාල ගුණාත්මක ගල්අඟුරු නැව්වාර 8ක් හේතුවෙන් රුපියල් මිලියන 7,672.1ක (කෝටි 767කට ආසන්න) සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව අනාවරණය වී ඇත.
 
නැව්වාර අනුව අලාභ විස්තර

වාර්තාව අනුව සෘජු අලාභය නැව්වාර අනුව වෙනස් වන අතර, 8 වන නැව්වාරය තුළ පමණක් රුපියල් මිලියන 1,559.3ක අලාභයක් වාර්තා වී ඇත. සමස්ත අලාභය ගණනය කර ඇත්තේ බාල ගුණාත්මක ගල්අඟුරු භාවිතය හේතුවෙන් විදුලි ජනන ධාරිතාව අඩුවීම පදනම් කරගෙන වන අතර, විදුලි ඒකකයක පිරිවැය රු. 57.53 ලෙස සලකා ඇත.
 

ජනප්‍රිය නළුවෙක් කොකේන් සමග අත්තඩංගුවට

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන විරාජ් ධනූෂ විතානගේ නම් අය කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසනවා.

එම සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍යය මිලිග්‍රෑම් 10ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වාහන මිල ඉහළ යනවා කියන කතාව බොරුවක්
අලුත් බද්දක් නෑ - වාහන මිළ ඉදිරියේදී පහල යනවා මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

වාහන ආනයනය සඳහා බදු වැඩි කිරීමක් සම්බන්ධයෙන් මෑතකදී කරන ලද ප්‍රකාශ, මහජන බියක් ඇති කිරීම සඳහා විකුණුම්කරුවන් විසින් භාවිතා කරන බොහෝ දුරට නොමඟ යවන උපක්‍රම බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැහැදිලි කර තිබේ.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැහැදිලි කළේ, අලුත්ම බද්දක් හඳුන්වා දීමට වඩා, රජය සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා එකතු කිරීමේ ස්ථානය විකුණුම් ස්ථානයේ සිට ආරම්භක රේගු අදියර දක්වා මාරු කර ඇති බවයි.
නගර සභාවට ගල් රෝලක් ගන්න ගියා
මගේ මූණ දැක්ක ගමන් ලක්ෂ එකහාමාරක් අඩු කළා 
– නගර සභාවට රංජන් ජයලාල්

නගර සභාවට ගල් රෝල් තුනක් ගැනීමට වාහන අංගන වෙත ගිය විට එහි මිල ලක්ෂ අටේ සිට හය දක්වා අඩු කළ බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි.

“ගල් රෝල් තුනක් ගන්න තීරණය කළා. එහා පැත්තේ තියෙන වාහන අංගනයකට ගියා. ලක්ෂ අටයි. මාව දැක්ක ගමන් කිව්වා ලක්ෂ හයහමාරකට දෙන්නම් කියලා. වෙනස මේකයි.
ශිරන්ති රාජපක්ෂ FCIDයට
නාමල් CIDය හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බවට සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.
ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට

පුද්ගලයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
හිටපු ජනපති ලේකම් වරදක් කර නැහැ.. 
වත්මන් නිලධාරීන් මූල්‍ය නීති දන්නේ නැහැ…
වඳුරු රැලකට බාබර් සාප්පුවක් අහු වුණා වගෙයි…!

ඉකුත් සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමේ අවස්ථාව ලැබුණේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයකු වූ රනිල් වික්‍රමසිංහටය. සාමාන්‍යයෙන් ජනාධිපති ධුරයට පත්වීමට අවස්ථාව ලැබීම වාසනාවක් ලෙස සැලකේ. මෙරට මුල්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ ඩී. බී. විජේතුංගයන්ට හදිසියේ ජනාධිපති වන්නට ලැබීම මුළු සමාජයම වාගේ සැලකුවේ ඔහුගේ පිනට, වාසනාවට සිදු වූ දෙයක් ලෙස ය. ඩී. බී. විජේතුංගයන්ට ජනාධිපති වීමට ලැබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අගමැති ලෙස වසර හතරකට වැඩි කාලයක් සේවය කරමින් සිටියදී ය.
විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර බලය ගත්තට පාලකයන්ට අත්දැකීම් නෑ… 
මහානාහිමිවරුන්ට හැමදේටම මැදිහත් වෙන්න වෙලා…!
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

වර්තමාන රජය බලයට පත්වූයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට සාධාරණය ඉටුකරන බවට ප්‍රතිඥා ලබාදෙමින් වුවද, බලයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ සංවේදීතාවකින් තොරව කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

එහිමියන් මේ බව ප්‍රකාශ කළේ, සංවර්ධන නිලධාරීන් වර්තමානයේ මුහුණ දී ඇති වෘත්තීය ගැටලු පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements