Advertisement

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය ගිනි අවිවල බලපත්‍ර අලුත්කර නොගෙන ඒවා ළඟ තබාගෙන ඇති බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කථානායකවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ බව හෙළිවූයේ කථානායකවරයා , පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමේදී අදාළ මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස කථානායකවරයා කරන ලද ඉල්ලීම පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කථානායක කාර්යාල වාර්තා සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යන ප්‍රතිපාදන පවතින බැවින් කථානායකවරයාගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවයි.


බලපත්‍ර අලුත් කිරීමකින් තොරව ගිනි අවි ළඟ තබාගැනීම ඇතුළු මෑත කාලීනව පර්ලිමේන්තු නියෝජිතයන් අත්අඩංගුවට ගැනීම් සිදුවූ අවස්ථාවන්ට බලපෑ හේතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී කථානායකවරයා මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

එහිදී පොලිස් සහ නීතිපති දෙපාර්තමේන්තු පාර්ශ්වයන් පෙන්වා දී ඇත්තේ පවත්නා නෛතික ප්‍රතිපාදන අනුව නීිතඥවරයකුගේ සහාය ලබාගත හැක්​කේ අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පමණක් බවයි.

පොලිසිය මෙහිදී පෙන්වා දී ඇත්තේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු විසින් එම ස්ථානයට ජනමාධ්‍ය කැඳවීම​ පොලිස් රාජකාරියට බාධාවක් බවයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ අදාළ අත්අඩංගුවට ගැනීම සිදුවන ස්ථානයෙන් ජනමාධ්‍යකරුවන් ඈත්කර රාජකාරියට බාධා නොවන ආකාරයෙන් පවත්වාගෙන යෑමට පොලිසියට බලතල ඇති බවයි.

මෙහිදී කථානායකවරයා සඳහන් කර ඇත්තේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය ගිනි අවිවල බලපත්‍ර අලුත්කර නොගෙන ඒවා ළඟ තබාගෙන ඇති බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ට දැනුම් දී ඇති බවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් පොලිසියේ පාර්ශ්වයෙන් සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරුන් තමන් පදිංචිව සිටින දිස්ත්‍රික්කයෙන් අදාළ බලපත්‍ර අලුත් කරගැනීම සිදුකළ යුතු බැවින් ඒ පිළිබඳව තොරතුරු යාවත්කාලීන වීම ප්‍රමාද වන බවයි.

කෙසේ වෙතත් එම ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරියකු ලෙස පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements