Featured News

Video Gossip

Advertisement

ජනපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුරංග හෙවත් විත්තා සයනයිඩ් විද ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි කියන සිද්ධියට බන්ධනාගාර නිලධාරීන්ගේද සහාය ලැබී ඇතැයි මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය වී පැය ගණනක් යන තුරුම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි කොඩිතුවක්කු මහතා වෙත එය කිසිදු දැනුම් දීමක් නොකර නොමැති අටහර සයනයිඩ් තැවරුණු ඇඳුම් පවා සෝදා හැරීමෙන් පසු ​ පොලිසියට මේ ගැන දැනුම් දී අතැයි විමර්ශනවලදී හෙළි වනවා.

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය යටතේ වූ කණ්ඩායමක් හා ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් විමර්ශන අරඹා ඇතත් ඇසින් දුටු සාක්ෂි පවා මේ වන විට සඟවා ඇතැයි වාර්තා වනවා.

විදුරංග හෙවත් විත්තාට සයනයිඩ් එන්නත් කිරීමට සිකුරාදා (24) පස්වරුවේ උත්සාහ ගෙන ඇත්තේ තවත් පාතාල සාමාජිකයකු සමග කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රෙකෝඩ් රූම් වෙත යද්දීයි.

එල්.ටී.ටී.ඊ. ඩයස් පෝරාව විසින් මෙහෙයවූ අප්පන් හෙවත් රවීන්ද්‍රන් නමැත්තා ළඟම සිටි විත්තා රාජ්‍ය ඔත්තු සේවාව (SIS) හා හමුදා බුද්ධි බළකාය කළ බුද්ධි මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත්තේ ජනපති ඝාතන චෝදනාවලටය. අප්පන් විසින් විත්තාට ගිනි අවියක් පවා ලබාදී තිබුණු බව කියවුණු අතර සියලු සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියා.

විදුරංග හෙවත් විත්තා ඉකුත් 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කළ අතර පොලිසිය විසින් ඔහු විශේෂ ආරක්ෂාවක් ඇති තැනක රඳවන්නැයි දැනුම් දී තිබුණා.

එසේ තිබියදී විත්තා පොදුවේ සැකකරුවන් රඳවන ‘ඇස්කොටි වාට්ටුවේ’ රඳවා ඇත්තේ බන්ධනාගර අධිකාරීගේ නියෝග මත බව දන්වමිනුයි.

එහිදී විත්තාගේ විරුද්ධ කණ්ඩායම් විසින් ඔහුට හානියක් කරාවි යැයි සැකයට තමාට ආරක්ෂාව ඇති තැනක් දෙන්නැයි විත්තා කළ ඉල්ලීමට පසුදින (24 ) දහවල් 2.00ට පමණ ඔහු වාර්තා කාමරයට යද්දී පසුපසින් පැමිණ මෙලෙස සිලින්ජරයෙන් ඇන තිබෙනවා.

‘ඩොලී’ නමැති වැල්ලම්පිටියේ පාතාලයකු පසු පසින් විත් සිලින්ජරයෙන් අනිද්දී එහි කට්ට විත්තාගේ ඇඳුමේ වැදී කැඩී ගොස් ඇති අතර සිලින්ජරයේ තිබූ සයනයිඩ් විත්තාගේ කමිසයේ හැලීයාමත් සමග ‘ඩොලී’ එතැනින් පලාගොස් බී වාට්ටුවට ගොස් තිබෙනවා.

එහිදී හර්ෂ හා චූටි යන කුඩු සෙල්විගේ කණ්ඩායමට හිතවත් පාතාලයන් දෙදෙනා ඩොලීගේ ඇඟ සෝදා ගැනීමට දී වෙන ඇඳුමක් අන්දවා බී වාට්ටුවේ සඟවා තිබුණා.

ඒ අතරතුර අනෙක් කණ්ඩායම් විත්තාගේ ඇඳුම ඉවත්කර විත්තාට ඇඟ සොදා ගැනීමට සලසා දී තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් මෙම සිද්ධියට සම්බන්ධ ඩොලී නමැති සැකකරු රැගෙන ගොස් පහරදී ප්‍රකාශ ලබාගනිද්දී බන්ධනාගාර ලොක්කෙකු විසින් එයට විරුද්ධවී අතින් අතර ‘‘ගහන්නේ නැතිව නිකන් ලියලා දාන්නැ’’යි එම නිලධාරියා දන්වා තිබෙන බව දැනට හෙළිවී තිබෙනවා.

මෙහිදී ඩොලී අතට සිලින්ජරය දෙන්නට පෙර එම්.අයි. වාට්ටුවේදී එම සිලින්ජර් පුරවන අයුරු හා සම්පූර්ණ සිද්ධිය ඇසින් දුටු බව කියන රුවන් නමැති සැකකරුව පොලිස් විමර්ශනවලදී සාක්ෂි දීමට දිරිපත් නොකිරීමටද බන්ධනාගාර නිලධාරීන් කීප දෙනකු කටයුතු කර ඇති අතර ‘‘කට උත්තර දීලා ලෙඩ දාගන්න එපා’’ යැයි දන්වමින් ඔහුව පොලිසිය වෙත ඉදිරිපත් කර නැතැයි හෙළිවනවා. මෙම සයනයිඩ් සිද්ධිය පසුපස කුඩු සෙල්විගේ පුත්තුන් දෙදෙනා සිටින බවත් දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට මෙම ඝාතනය සැලසුම් කළ බවත් සැක පහළ වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements