Featured News

Video Gossip

Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විදුරංග හෙවත් චිත්තා නමැත්තා සයනයිඩ් විද ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි පැවැසෙන සිද්ධියට අදාළව පොලිස් භාරයට ගෙන ඇති සයිනයිඩ් එන්නත් කරන්නට යොදාගත් බව පැවසෙන සිරින්ජරය ඉදිරි විමර්ශන සඳහා බොරැල්ල පොලිසිය විසින් රජයේ රස පරීක්ෂකවරයාට භාර දීමට නියමිතව තිබෙනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ඉකුත් 24 වැනිදා පස්වරුවේ සිරින්ජරයක් භාවිත කරමින් විදීමට චිත්තාගේ ප්‍රතිවාදියකු උත්සාහ ගෙන ඇති බවද පොලිසිය පවසනවා.

වැල්ලම්පිටියේ පාතාල සාමාජිකයකු වන ‘ඩොලී’ නමැත්තකු විසින් චිත්තාගේ පසුපසින් පැමිණ මෙම උත්සාහය ගෙන ඇති නමුත් එහිදී සිරින්ජරයේ කටුව කැඩී යෑම නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවද පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.

මෙම සිරින්ජරයේ ඇසිඩ් හෝ වෙනත් ද්‍රාවණයක් දමා තිබුණේදැයි පරීක්ෂා කිරීම සඳහා එය මෙලෙස රජයේ රස පරීක්ෂකවරයාට භාර දීමට නියමිතව තිබේ.

එහි වාර්තා ලැබීමෙන් අනතුරුව මීට අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවද පොලිසිය පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements