Advertisement

හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහි නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින ඔහු​ගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරියේදී මෙම රහස්‍ය ප්‍රකාශය සටහන් කර ගැනීම සිදුකෙරූනා,

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ සැකකාර දිලුම් තුසිත කුමාර නමැත්තා මහෙස්ත්‍රාත්වරිය හමුවේ එම ප්‍රකාශය ලබාදී තිබෙන බව වාර්තා වාර්තා වනවා.

එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසුව සැකකාර දිලුම් තුසිත කුමාර නමැත්තා අධිකරණයෙන් පිටව ගොස් තිබුණා.

2016 වසරේ රාජකීය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව පොලිසිය විසින් ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු වශයෙන් හිටපු ඇමැතිවරයාගේ රියැදුරු දිලුම් තුසිත කුමාර නමැත්තා නම්කර තිබෙනවා.

ඔහු මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙනවා.

මෙම නඩුව නැවත පෙබරවාරි මස 24 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements