කරු ජයසුරිය මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, රනිල්වද පක්ෂයෙන් ඉවත් නොකොට ඔහුත් සමඟම පක්ෂයේ ඉදිරි ගමන යා යුතු යැයි කියායි.
එහිදී දෙදෙනා අතර රනිල්ට ලබාදිය හැකි පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන්ද කෙටි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව යෝජනා වූයේ පක්ෂ නායකත්වයට ඉහළින් සිටිය හැකි පරිදි ‘පක්ෂ අනුශාසක‘ යනුවෙන් නව තනතුරක් නිර්මාණය කොට එය රනිල්ට ලබාදීමටත්, එළැඹෙන මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට රනිල්ට අවස්ථාව සලසා දීමටත්ය.

