මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරණය වන රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුලත් හඩපට ප්‍රචාරනය අත්හිටුවන ලෙස ඉල්ලමින් නීතියේ පිහිට පැතීමට සූදනම් වී ඇත.
ලාකඩ මත තම ඇඟිලි සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍ය වෙත ගියේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කරයි.
එම හඬ පට කවර හෝ මාධ්‍යයක ප්‍රචාරය කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද ගංගොඩවිල අධිකරණයේ මෝසමක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඒවා මාධ්‍ය වෙත නිකුත් වූයේ තමන්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගැනීමෙන් පසුව යයිද ඔහු කියා සිටියේය.
එනිසා ඒවා පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දුන් බවට සැකකරන බවද ඔහු කියා සිටියේය.
කෙසේ නමුත් අධිකරණය විසින් අදාළ මෝසම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම සංයුක්ත තැටි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.

