රත්නපුර කොස්ගලවත්ත ප්‍රදේශයේ පස්වලට යටකළ අලුත උපන් බිළිඳියෙකුගේ දිවි බේරාගැනීමට ප්‍රදේශවාසීන් අද (08) සමත් විය.
රත්නපුර කොස්ගලවත්ත ප්‍රෙද්ශයේ ගෙවත්තක වලා දමා තිබු බිළිදියගේ පාදයක් පිටතට පැමිණ තිබූ අයුරු ප්‍රදේශවාසියෙකු දැක තිබේ.
පොලිසිය දැනුවත් කිරීමෙන් පසු දරුවා බේරාගෙන ඇත්තේ ගම්වාසීන් මැදිහත්වීමෙන්.
පසුව එම ස්ථානයට පැමිණි රත්නපුර පොලිසිය ජීවතුන් අතර සිටි බිළිඳිය කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත්තේය.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 18ක් වූ බිළිඳියගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තේය.
ඇය දරුවාගේ පියා ලෙස සඳහන් කර ඇත්තේ, වයස අවුරුදු 15ක් වන පිරිමි ළමයෙක්.
පොලිසිය පවසන්නේ, බිළිඳියගේ සැබෑ පියා එම පිරිමි ළමයා ද යන්න ඩී.එන්.ඒ පරීක්ෂණයකින් තහවුරු කරගත යුතු බවයි.
ඉපදී පැය කිහිපයකට පසුව පස් යට කළ බිළිඳිය මේ වන විට රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
අප කළ විමසීමකදී රෝහල් අධිකාරීවරයා පැවසුවේ බිළිදිය නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

