Featured News

Video Gossip

Advertisement

රුපියල් දාහේ නෝට්ටු නවයක් සමග පසුගිය 24 වැනිදා වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විසිතුන් හැවිරිදි තරුණයකු විසින් හෙළි කළ තොරතුරු අනුව දඹදෙණිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලධාරීන් ව්‍යාජ නෝට්ටු තොගයක් සහ එක්පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසුව කළ විමර්ශනයකට අනුව එම නෝට්ටු මුද්‍රණය කළ දඹදෙණියේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා.
දඹදෙණියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු දහනවයක තරුණයකි. ඔහු පරිගණක අලුත්වැඩියා කරන්නෙකු ලෙස පෙනී සිටිමින් කාලයක් තිස්සේ මෙම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බව පොලිසිය පවසනවා.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 361 ක් , රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක් , ඒවා මුද්‍රණය කිරීමට භාවිත කළ ලැප්ටොප් යන්ත්‍රයක් , මුද්‍රණ යන්ත්‍ර දෙකක් හා තීන්ත තොගයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

ප්‍රධාන සැකකරු විසින් කාලයක් තිස්සේ මුද්‍රණය කළ රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ගම්පහ , මීරිගම , ගිරිඋල්ල , නාරම්මල , කුරුණෑගල හා වැල්ලව ප්‍රදේශවල මේ වනවිට ද ඇති බැවින් තමන් අතට පත්වන මුදල් නෝට්ටු පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් පසුවන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements