Advertisement

රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‍ඩායම ඊයේ (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
‘පී’ සිර මැදිරියේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා ජෙලර්වරයකු බාරයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අමුත්තන්ගේ විශේෂ කාමරයට කැඳවාගෙන ඒමෙන් පසුව ඔහු හමුවීමට ඉඩ සලසාදී තිබුණා.

සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් වූ ඉකුත් 15 වන දිනෙන් පසු මන්ත්‍රීවරුන් කණ්‍ඩායමක් ඔහු බැලීමට පැමිණ ඇත්තේ ඊයේ (13) වීම විශේෂත්වයකි.

මෙතෙක් නීතිඥවරුන් හැර වෙනත් කිසිදු දේශපාලනඥයකු ඔහු හමුවීමට පැමිණ තිබුණේ නැත.

මේ වනවිට රන්ජන් සමග ‘පී’ සිර මැදිරියේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ද රඳවා සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements