Advertisement

උතුරේ මානුෂික මෙහෙයුම අවසාන භාගයේ සිදුවූ සිදුවීම් දෙකකට සම්බන්ධ බවට චෝදනා කරමින් අධිකරණයේ වරදකරු කර සිරගත කර සිටින හමුදා නිලධාරියකුට සහ සෙබළුන් තිදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට නියමිතව ඇතැයි අලුත්කඩේ නීති අංශ ආරංචි මාර්ග සඳහන් කළා.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 34 යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන වරදකරුවන්ට සමාව දීමේ බලය ප්‍රකාරව ක්‍රියා කරමින් මෙකී සමාව ප්‍රදානය කරන බව වැඩිදුරටත් වාර්තා වනවා.

කොළඹ සහ ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග වූ නඩු දෙකකට අදාළව මෙම හමුදා සෙබළුන් සහ හමුදා නිලධාරියා වරදකරුවන් වී දැනට සිරදඬුවම් විඳිමින් සිටිනවා.

මේ සිව් දෙනාම මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ තැනැත්තන් බවද වාර්තා වනවා.

මොවුන්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති ජනපතිවරයා එසේ සමාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මෙකී නඩු විභාග සිදුකළ මහාධිකරණ විනිසුරුවරු තිදෙනාගෙන් විධිමත් වාර්තා ලබාගැනීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බව සති අන්ත පුවත්පතක දැක්වෙනවා.

දුමින්ද සිල්වාට ඇප ලබාදීමට ජනාධිපතිවරයා තදින්ම විරුද්ධවී ඇති බව ගොසිප්99 අපට වාර්තාවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements