Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය යම් මට්ටමකට විසඳී තිබුණද යෝජිත එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් ධුරය තම පාර්ශ්වය සතු කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්ව අතර ප්‍රබල තරඟයක් මතුවී තිබෙන බව වාර්තා වනවා.

මෙම නව සන්ධානයේ මහ ලේකම් ධුරය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයට ලබාදෙන බව ප්‍රකාශ වී තිබුණද රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ඊට විරෝධයක් එල්ල වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයන් දෙදෙනකු ප්‍රකාශ කළේ මෙම නව සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්කරන පුද්ගලයාගේ නම අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමත විය යුතු බවයි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පෙබරවාරි 6 වැනිදා යළි රැස්වීමට නියමිතය.

සජිත් පාර්ශ්වයෙන් සන්ධානයේ මහලේකම් ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට වඩාත් සුදුසු බව යෝජනා වී තිබෙනවා.

30 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා යෝජනා කළේ නව සන්ධානයේ මහ ලේකම් ධුරය අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකුට හිමිවිය යුතු බවයි.

එම යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සම්මත වූ අතර එහිදී බොහෝ දෙනකු පෙන්වා දුන්නේ නව සන්ධානයේ මහ ලේකම්වරයාට සියලු පාර්ශ්ව සමඟ කටයුතු කිරීමේ හැකියාවද තිබිය යුතු බවයි. මෙම නව සන්ධානයේ මහ ලේකම් ධුරය සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂයට හිමිවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර නව සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්කිරීම සඳහා තිදෙනකුගේ නම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු වී තිබෙන බවද වාර්තා වන අතර ඒ නම් තුනටම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ කිසිවකු ඇතුළත් නොවන බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements