ඉන්දියාවේ ගණිකා මඩම්වලට ලංකාවේ කතුන් යවලා - ජයටම කරගෙන ගිය ජාවාරම කටුනායකින් කොටු වූ හැටි
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
india
,
Latest News
,
mini-gossip
,
News
,
sex
ඉන්දියානු ලිංගික සේවා සැපයුම් ආයතන කිහිපයකට නීති විරෝධීව ලාංකික කතුන් විකිණීමේ රහසිගත ජාවාරමක් හෙළිදරව් කරගැනීමට ඉකුත්දා ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල්වරයා යටතේ ක්‍රියාකරන ‘දේශසීමා ආවේක්ෂණ ඒකකය’ කටයුතු කර තිබෙනවා.
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි ඉන්දියානු ජාතිකයකු සහ ශ්‍රී ලාංකික කතුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ගුවන්තොටුපොළ බලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වනවා.
මෙම ජාවාරමේ මහ මොළකරු ඉන්දියානු ජාතික කාන්තාවක් විවාහ කරගෙන සිටින ශ්‍රී ලාංකිකයකු බවද එම කාන්තාවන් දෙදෙනා වැඩිදුරටත් නිලධාරීන්ට දන්වා තිබුණා.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසුව මෙම ජාවාරමේ මහ මොළකරු පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුත් සමඟ මෙම ජාවාරමට සම්බන්ධ තවත් ඉන්දියානු ජාතිකයකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර මෙම ක්‍රමවේදයට අනුව කෙතරම් කාලයක් මොවුන් මෙම ජාවාරමේ නිරතව සිට ඇද්දැයි සෙවීම සඳහා මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

