Advertisement

පස් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයෙක් හා පස් පාතාලය අතර ඇති වූ ආරවුලක් මේ වන විට ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරනවා.

ප්‍රධාන පෙළේ සමාගමක කටානේ පිහිටි ඉඩමක පස් පිරවීම සම්බන්ධ කොන්ත්‍රාත්තුව අදාළ දේශපාලනඥයාට අයත් කණ්ඩායමක් කරගෙන ගියද මීගමුව, මිනුවන්ගොඩ ප්‍රදේශවල මෙතෙක් පස් පිරවීමේ ඒකාධිකාරිය පවත්වාගෙන ගිය දූනගහ සුජී නමැති පාතාල නායකයා බලහත්කාරයෙන් පස් පිරවීමට යාම මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවීමට හේතුව වී තිබෙනවා.

නීතිවිරෝධී ලෙස පස් පුරවන පාතාල කණ්ඩායම්වලට අයත් බැකෝ යන්ත්‍ර හා දේශපානඥයාගේ සහෝදරයන්ට අයත් බැකෝ යන්ත්‍රද පසුගිය දිනවල බස්නාහිර උතුර පළාතේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් අල්ලා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements