Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සංධානයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(3)සඳහන් කළා.

පාර්ලිමේන්තුවෙ කමිටු අංක2 ශාලාවේදී ආසන සංවිධායකවරුන් හමුවෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“අපි දන්නවා පහුගිය දවස්වල එක එක විදිහේ මාධ්‍ය වාර්තා පලවුණා. සමහර වාර්තා අතේ පැලවෙන බේගල්.සමහර වාර්තා සම්පූර්ණයෙන්ම ප්ලාන්ට් කරපු නිර්මාණ .

මේ කිසි දේකට මම උත්තර දෙන්න ගියේ නෑ. ඇත්තටම ඒවා කිසියම් කල්ලියක් තමන්ගෙ පරාජයේ විලි වසා ගන්න භාවිතා කරපු පහත් පෙළේ විහිළු. ඒ විහිළුවලට උත්තර බදිනවට වඩා වැඩ අපිට තිබුණා .

එක පැත්තකින් මේ රට කොරොනා අවධානමට මැදි වෙලා. එහෙම වෙලාවක දේශපාලන ගේම් වලටයි,ඒවා හරහා කරවන යටිකූට්ටු මාධ්‍ය මෙහෙයුම්වලටයි මම අවධානය යොමු කළේ නෑ.

රෝමය ගිනිගත්තම වීනා වාදනය කරන වර්ගයෙ නීරොලා මෙහෙත් ඉන්නවා.ඒක අපිට කරන්න බෑ.

මොකද,දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා මිනිස්සුන්ගේ ජීවිත අපිට වටින නිසා.

නමුත්,මහජන ප්‍රසාදයක් නැති,මහජනයා අතරට යන්න බැරි සමහරුන්ට වෙන වැඩක් නෑ.ඒ අයට තියෙන එකම වැඩේ දේශපාලන ගේම් ගහන එක.

ඒ තමයි ඒ උදවියගේ දේශපාලන ක්‍රමය. මගේ ක්‍රමය ඒක නෙවෙයි.

තමන්ගේ හිතවතුන් හරහා හරහා අසත්‍ය මාධ්‍ය ප්‍රචාර යවන්න ඒ අයට වෙලාව තියෙනවා .හැබැයි මේ රටේ ජනතාවගේ හද ගැස්ම මොකක්ද කියලා හිතන්න ඒ අයට වෙලාවක් නෑ.

අපි නිවැරදිම තීන්දුව නිවැරදිම වෙලාවේ හරියටම ගන්නවා.

පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ටත් වඩා ඔබතුමන්ලා ඉදිරියේ විශේෂ කාරණාවක් සිහිපත් කරන්න කැමතියි.

අපි හදන එක්සත් ජාතික පෙරමුණු සංධානයේ මහ ලේකම් ලෙස අපේ ජ්‍යේෂ්ඨ නායකයෙක් වන රංජිත් මද්දුමබණ්ඩාර මහතාව නම් කරනවා.” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements