Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ, ප්‍රංශ ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන ‘එයාර්බස්’ සිය අතරමැදියන් යොදවමින් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ඝානා යන රටවල ගුවන් යානා කොන්ත්‍රාත් ලබාගැනීමේ අරමුණින් අල්ලස් ගත් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙසේ උපදෙස් ලබා දී ඇත.

මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය සිව් වසරක් පුරා ඒකාබද්ධ විමර්ශනයක් පැවැත්වූවා.

චෝදනාවලට එරෙහිව පැවති නඩුව බේරුම්කරණයකට එකඟ වීමත් සමඟ, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ ප්‍රංශ බලධාරීන්ට යුරෝ බිලියන 3.6ක මුදලක් ගෙවීමට එයාර්බස් සමාගමට සිදුවන බව ලන්ඩන් නුවර අධිකරණයකින් ලබා දුන් තීන්දුවේ සඳහන් වනවා.

අදාළ තීන්දුව රටවල් තුනෙහිම අධිකරණවලින් පිළිගෙන තිබෙනවා.

සිය සමාගමේ ගුවන් යානා මිලදී ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් දිගු කාලීන කොන්ත්‍රාත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එයාර්බස් සමාගම අතරමැදියන්ට විවිධ ක්‍රම ඔස්සේ අල්ලස් ලබා දී ඇති අතර 2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී තිබෙනවා.

ඒ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීයි.

ඉහත කී මුදල ගෙවීම සඳහා බෘනායි රාජ්‍යයේ ඒ වෙනුවෙන්ම ව්‍යාජ සමාගමක් ලියාපදිංචි කර ඇතැයි අධිකරණ වාර්තාවේ සඳහන් වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements