Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ නායකත්ව සටනින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුබෑමට තීරණය කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු වෙනුවෙන් හඬ නැගූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් ඔහුගෙන් ඈත් වීම නිසා බව වාර්තා වනවා.

මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නව දෙනෙක් පමණයි.

පසුගිය 30 වැනි දින රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් පනස් හත් දෙනකු නම් කර තිබුණ ද ඉන් හය දෙනකු සහභාගි නොවන බව දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් සජිත් පාර්ශ්වය නියෝජනය කරන 16 දෙනකු කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කළ බව සඳහන් වුණා.

එහෙත් සැබෑ ලෙසටම ඉන් නව දෙනකු පමණක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින අතර ඉතිරි හය දෙනා නිශ්චිත තීන්දුවක් නොගෙන මැද මාවතේ සිටින බව වාර්තා වනවා.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ අජිත් පී පෙරේරා, රෝසි සේනානායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක්ද මීට ඇතුළත් බව සඳහන්.

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා වෙනත් පක්ෂයකින් එක්සත් ජාතික පක්ෂයට පැමිණ සාමාජිකත්වය ලබාගැනීම නිසා ඔහුට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබාදිය යුතු බවට ලිඛිත එකඟතාවක් ඇති නිසා ඉදිරියේදී ඔහුට යළිත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලැබෙනු ඇතැයි වාර්තා වනවා. එහෙත් මෙතෙක් සජිත් ප්‍රේමදාසට සහාය පළ කළ මංගල සමරවීර හා මලික් සමරවික්‍රම පසුගිය දා පැවැති කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වී ඇත්තේද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති කරගත් එකඟතාවක් මත බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 96 දෙනකුගෙන් සමන්විත අතර දැනට පත් කර ඇති 57 දෙනාට අමතරව තවත් 39 දෙනකු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් ඉදිරි සතියේදී නම් කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements