Featured News

Video Gossip

Advertisement

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල හම්බන්තොට දක්වා දිගුව අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩගම පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කළේ ය.

මේ අවස්ථාවට වරය නවික කටයුතු , මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතා ද එක්විය.

දකුණු අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීම- පාලටුව පිවිසුම් මාර්ගය විවෘත කිරීම ජනපති සුරතින් සිදු වූ අතර අනතුරුව ප.ව. 4.30ට බරවකුඹුක පිටවීම හා ප්‍රධාන ජනහමුව පැවැත්වෙයි. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම දකුණු පළාත් තුළ ප්‍රමුඛත්වය දිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඇත.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල,රිදියගම සෆාරි උද්‍යානය, හම්බන්තොට උද්භීත උද්‍යානය මෙන් ම කතරගම,කිරිවෙහෙර ආදී සංචාරක ස්ථාන රැසක් මෙම පළාත් තුළ පිහිටා තිබෙන ආකර්ෂණීය ස්ථාන වෙයි. අධිවේගී මාර්ගය විවෘත වීමත් සමඟ කොළඹ සිට ඉතා කෙටි කාලයකින්ද කුණු රටට ළන වීමට හැකියාව උදා වෙයි.

මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 96කි.මෙහි ඉදිකිරීම් කොටස් හතරකින් සිදු කොට තිබේ. මාතර -බෙලි අත්ත දක්වා කොටස,බෙලි අත්ත සිට වැටිය දක්වා කොටස, වැටිය සිට අන්දරවැව දක්වා කොටස, අන්දරවැව සිට මත්තල සිට හම්බන්තොට දක්වා කොටසයි.

මෙම කිලෝමීටර 96 තුළ අන්තර් හුවමාරු මධ්‍යස්ථන 08ක් ක්‍රියාත්මක වෙයි. එම අන්තර් හුවමාරු මධ්‍යස්ථන නම්, ගොඩගම- නාගොඩ,අපරැක්ක, බෙලි අත්ත, කසාගල,අගුණකොළපැලැස්ස,වැටිය, සූරියවැව,අන්දරවැව යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වෙයි. මෙය ශ්‍රී ලංකාවේ එකවර ඉදිකෙරුණු ලැබූ දීර්ගතම අධිවේගී මාර්ගය වෙයි.ශ්‍රී ලංකාවේ දීර්ඝතම ගුවන් පාලම්වලින් මාර්ගය සමන්විත වෙයි.රක්ෂිතවලට කිසිදු හානියක් නොකොට ගුවන් පාලම් ඉදිකර තිබීම විශේෂත්වයයි. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම තුළින් රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බව මාධ්‍ය වෙත අඳහස් දැක්වූ මැති ඇමැතිවරු සඳහන් කර සිටියේ ය


මෙම කොටස විවෘත කිරීමත් සමඟ කටුනායක සිට පැය 3ක පමණ කාලයකින් හම්බන්තොටට ළඟා වීමට හැකි වන බව මාර්ග සහ මහමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements