Advertisement

අලුත උපන් බිලිදෙකු තේ වත්තේ වලදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

නොර්වුඩ් ජනපදයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවක් (12) දින දරු ප්‍රසුතියක් සිදු කර බිලිදා නිවස ආසන්නයේ තේ වත්තේ ඉලුක් වගාවක වල දමා ඇති බවට නොර්වුඩ් පොලිසියට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් මව සැකපිට අත්අඩංගුවට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව අවිවාහක කාන්තාවක් බවත් , ඇයට පිරිමි දරුවෙකුද සිටින බවට පොලිසිය පැවසුවේ.

කාන්තාවගේ මව ගෘහසේවයට විදේශගත වි ඇති බවත් , පියා සමග නොර්වුඩ් ජනපදයේ සැකකාර කාන්තාව පදිංචිව සිටි බවයි පොලිසිය පැවසුවේ.

අලුත උපන් බිලිදා වල දැමුවේ යැයි කියන ස්ථානය නොර්වුඩ් පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර මුලික විමර්ෂණ අවසන් විමෙන් අනතුරුව හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු බිලිදු මල සිරුර ගොඩ ගන්නා බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements