Advertisement

රුපියල් මිලියන 15 ක පමණ වියදමක් දරලා 
වෛද්‍යවරුන් සහ හෙදියන් කාණ්ඩායමක් ද එවලා

මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආපසු එවීමට පියවර ගනු ලැබුවා. ඒ පෞද්ගලික ජෙට් යානාවක් මගින් වීම විශේෂත්වයක්.

කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අසනීප වන විට සෞදි අරාබියේ පිහිටි ගල්ෆ් වෙස්ට් නම් සමාගමේ සේවය කරමින් සිට ඇත. එහිදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඔහුව රෝහල් ගත කොට තිබු අතර රොහාන් ගේ පවුලේ ඥාතින් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම අනුව ඔහුව යළි ශ්‍රී ලංකාව බලා එවීමට අවශ්‍ය කටයුතු අදාළ සමාගම විසින් සිදුකොට තිබුණා.

ඒ අනුව ගල්ෆ් වෙස්ට් සමාගම විසින් රුපියල් මිලියන 15 ක පමණ වියදමක් දරමින් අසනිපවී සිටින ශ්‍රී ලාංකික සේවකයා යළි මව්රට බලා එවීමට අවශ්‍ය පියවර ගත්තේ පෞද්ගලික ජෙට් යානයක ආධාරයෙනි. එම ගමන සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් කාණ්ඩායමක් ද ඇතුලත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ඇන්ඩෘ රොහාන් නම් මෙම ශ්‍රී ලාංකිකයා රැගත් පෞද්ගලික ජෙට් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

ඔහු මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන අතර නියමිත පරිදි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පුර්ණ සුවය ලැබීමේ හැකියාව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඇන්ඩෘ රොහාන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව ගල්ෆ් වෙස්ට් සමාගමේ හිමිකරු වන අයිඩ්‍රිස් මුස්තාපා සහ ඔහුගේ කණ්ඩායම වෙත ඇන්ඩෘ ගේ පවුලේ අය සිය කෘතඥතාවය පළ කරනු ලැබුවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements