Advertisement

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දිය නොහැකි ව්‍යවස්ථාමය බාධාවන් ඇතිවී තිබෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ විධායක සභාවේ සාමාජිකයකු වීම අත්‍යවශ්‍ය වන බව ඔහු පවසා තිබේ.

කරු ජයසූරිය මහතා කථානායක ධූරය භාරගත් අවස්ථාවේ දී එම තනතුරුවලින් මෙන්ම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස් වූ බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත.

ඒ අනුව කරු ජයසූරිය මහතාට පක්ෂ නායකයා වීමට ව්‍යවස්ථාව අනුව කිසිම ඉඩක් නැතැයි ද වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ.

එනිසා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපේක්ෂා කරන තරුණ දේශපාලඥයන් ඒ සඳහා මීළඟ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඉදිරිපත් වන්නැයි ද වික්‍රමසිංහ මහතා දන්වා තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැුස්වූ අවස්තාවේදි මෙම සාකච්චාව සිදුව ඇත.

පක්‍ෂ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් බව කරු ජයසුරිය මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන එහිදි වැඩි සැලකිල්ලක් යොමු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements