Advertisement

රජයේ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ උතුරු පලාතෙන් ඉල්ලන ලද අපෙක්ෂකයින්ගෙන් 3207 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර තවත් 2346 දෙනෙකු ප්‍රතික්ෂේප වී ඇති බවට උතුරේ උපාධිධාරීන් පවසා සිටිති.

ප්‍රතික්ෂේප වූ පිරිස්හි යාපනය දිස්ත්‍රීක්කයේ වැඩිම පිරිසක් සිටින අතර එම ප්‍රමාණය 1506 ක් වන අතර සුදුසුකම් ලැබූ ප්‍රමාණය 1996 ක් වෙද්දි තමන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් යාපනයේ ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින් පිරිසක් විසින් යාපනය දිස්ත්‍රීක් ලෙක්ම කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කරන ලදි.
අදාල අපේක්ෂකියින් විසින් ප්‍රතික්ෂේප වීමට හේතු සාධක හා එයට විසඳුම් ඉදිරිපත් කරමින් අභියාචනයක් ඊයේ දින විරෝධතාවයේ නිරත වූවන් විසින් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයට භාර දීමට පයවර ගන්නා ලදි.

උතුරු පලාතෙන් වැඩිම පිරිසක් ඉල්ලුම් කර ඇත්තේද යාපනය දිස්ත්‍රීක්කයෙන් වන අතර යුද්දය ඇතුලු විවිධ හේතුන් මත අධ්‍යාපනය ලැබූ උතුරේ උපාධිධාරීන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසටද මෙහෙදී විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements