Featured News

Video Gossip

Advertisement

ජේම්ස් පැටින්සන් මාලිංගගේ ආදේශකය ලෙස

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ආදේශකය ලෙස ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් සමගින් ගිවිසුමකට එළැඹි බව මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ (2දා) නිවේදනය කර තිබිණි. 

ඒ අනුව, තම පෞද්ගලික හේතුවක් නිසා මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් වෙත දන්වා තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්ය. එමෙන්ම මේ අවස්ථාවේදී පවතින තත්ත්වයන්ට වඩාත් ගැළපෙනම වේගපන්දු යවන්නා ලෙසින් ජේම්ස් පැටින්සන් මාලිංගගේ ආදේශකය ලෙස යොදා ගැනීමට තීරණය කළ බවද අදාල නිවේදනයේ සඳහන්ය. 

කෙසේ නමුත් මේ අවස්ථාවේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලසිත් මාලිංගගේ ඉවත් වීමත් සමඟින් කෙතරම් අපහසුතාවයට පත් වුවත් තම පෞද්ගලික හේතුවක් වෙනුවෙන් මාලිංග ගනු ලැබූ තීරණයට පූර්ණ සහයෝගය ලබා දීමට තීරණය කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. 

පසුගිය වසරේ අයි.පී.එල්. කිරුල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත ලබා දීමට පුරෝගාමී මෙහෙයක් ඉටු කළ ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගෙන ඇති පන්දු යවන්නා ලෙසින් වාර්තා අතර එක්වන අතර මේ වන විට අයි.පී.එල්. තරග 122කදී මාලිංග දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170කි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements