Featured News

Video Gossip

Advertisement

කොහොමත් මට සිංහරාජය රැක ගන්න රාජකාරී මට්ටමින් මැදිහත් වෙන්න බැහැ
එහෙම වුණොත් ඒකෙ පාඩුව වෙන්නේ අපේ දරු පරම්පරාවට

"ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එක ම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න," ෆේස්බුක් ඔස්සේ ගම්පහ දිසා වන නිලධාරිණී දේවානී ජයතිලක මහත්මිය පළ කර තිබූ මෙම සටහන පිළිබඳව දැඩි කතාබහක් ඇති වී තිබේ.

වනාන්තර විනාශය සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති මෙම වකවානුවේ දේවානී ජයතිලක මහත්මියගේ මෙම සටහන පිළිබඳව විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා ඇත.
දේවානී ජයතිලක යන නාමය ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත්වූයේ, මීගමුව ප්‍රදේශයේ කඩොලාන වනාන්තර හෙළි පෙහෙළි කිරීමට එරෙහිව අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරියේ සිය විරෝධය පළ කිරීමත් සමගය.

ඇය ෆේස්බුක්හි තැබූ සටහන පිළිබඳව ඇයගෙන් ම තොරතුරු විමසීම සඳහා මව්බිම වෙබ් අඩවිය දුරකතන ඔස්සේ ඇය සම්බන්ධ කර ගැනීමට පියවර ගත්තේය.

ඔබ තුමිය එවැනි ෆේස්බුක් සටහනක් තැබුවේ ඇයි?

මට වන නිලධාරිණියක විදිහට සිංහරාජය සම්බන්ධයෙන් රාජකාරී මට්ටමින් කිසි දෙයක් කරන්න පුළුවන්කමක් නෑ. මම රාජකාරී කරන්නේ ගම්පහ ප්‍රදේශයේ. ඒ නිසා කොහොමත් මට සිංහරාජය රැක ගන්න රාජකාරී මට්ටමින් මැදිහත් වෙන්න බැහැ. ඒ නිසා මම පෞද්ගලික මට්ටමින් හරි මේකට දායක වෙන්න තීරණය කළා. ඒ නිසයි මම ඒ සටහන තැබුවේ.

ඔබ තුමිය ඒ මගින් අදහස් කළේ කුමක් ද?

මගේ නමින් කෑගල්ලේ ඉඩමක් තියෙනවා. ඒකේ කැළයක් හදන්නයි මම හිතාගෙන හිටියෙ. ඒත් දැන් සිද්ධ වේගන යන දේවල් දැක්ක ම මට හිතුණා පොඩි කැළයක් හදනවාට වඩා ඒක ලංකාගම කෙනෙකුට දීලා ලංකාගම ඉඩමක් අරගෙන ඒකෙ වනාන්තරයක් හදලා සිංහරාජයට එකතු කරන්න. එහෙම වුණොත් ඒකෙන් පරිසරයට වැඩි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්.

සිංහරාජය ආශ්‍රිත හෙළි පෙහෙළි කිරීම් නතර කළ යුත්තේ ඇයි?

සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස නම් කරපු එකක්. ඒ තත්ත්වය නැති වෙන්න පුළුවන් මේ හෙළි පෙහෙළි කිරීම් හරහා. එහෙම වුණොත් ඒකෙ පාඩුව වෙන්නේ අපේ දරු පරම්පරාවට. ඒ ගැන හිතලයි මම මට පුළුවන් විදිහට මේ තීරණයට එළඹුණේ.

කුමුදු ජයවර්ධන
Mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements