Advertisement

කොරෝනා වසංගතය නැවතත් රට තුළ ඇති වීමේ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රදානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් නිසා මෙම අවධානම පැනනැගී ඇතැයිද ඔහු පැවසීය.

රට තුල කොහේ හෝ මග හැරුනු කොරෝනා ආසාදිතයෙකු සිටියහොත් එතැනින් නැවත පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද ඒ මහතා අනතුරු අගවයි.

මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලට පැමිණෙන පිරිස් වැඩි වීම සමඟම කොරෝනා වෛරස අවදානම ඉහළ ගොස් තිබේ.

ඉන්දීය ධීවරයන් මෙන්ම නීති විරෝධී ජාවාරම් කරුවන් බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට එම ප්‍රදේශ කරා පැමිණීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති වී තිබේ.

එහි මුහුදු ප‍්‍රදේශවල නාවික හමුදා ආරක්ෂාව තර කර ඇතත් ඒවා මගහරමින් ඔවුන් පැමිණෙමින් සිටින බව ප්‍රදේශයේ ඉහනල නිලධාරීන් කියති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements