Featured News

Video Gossip

Advertisement

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් සේවකයන්ට අඩ වැටුප් ගෙවීම දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කරන ලෙස ලෙස කළ ඉල්ලීමට එකඟ විය නොහැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කම්කරු අමාත්‍යංශයේ පැවති කොව්ඩ් 19 කම්කරු කාර්ය සාධක බලකායේ රැස්වීමේ දි ,හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිත මහතා ඉල්ලා සිටියේ ,පසුගිය මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා ද ඉන් පසු සැප්තැම්බර් දක්වා ද දීර්ඝ කළ අඩ වැටුප් හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල සේවක වැටුප්⁣ ලෙස ලබාදීමට රජය ලබා දී තිබූ සහනය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කරන ලෙසය.

එහි දි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංචාරක ක්ෂේත්‍රය හැර අන් අපනයන අංශ රැසක් ,විශේෂයෙන් ඇගළුම් අංශය මේ වනවිට යථා තත්වයට පත්වෙමින් තිබෙන නිසා අඩ වැටුප් ඉල්ලීමට පක්ෂව තමන්ට අමාත්‍ය මංඩලයට කරුණු කිව නොහැකි බවය.තම නිෂ්පාදන කටයුතුවල පහත වැටීම තවමත් පවතින බවට දත්ත සහ සංඛ්‍යා ලේඛණ මීලඟ සාකච්ඡාවට ඉදිරිපත් කරන ලෙසත්,එවැනි අංශ සඳහා යම් සාධාරණයක් ඉටු කිරීම සලකා බැලිය හැකි බවය.

මෙහි දි වෘත්තීය සමිති නියොිජිතයන් පෙන්වා දුන්නේ, කිසිදු සේවකයෙකු ඉවත් නොකිරීමට හාම්පුතුන්⁣ මාර්තු මාසයේ වූ එකඟතාවය මේ වන විට විවිධ උපාය මාර්ග යොදමින් කඩකර ඇති බවත් එ් පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්න ද මේ දක්වා ඔවුන් ඒ පිළිබද කිසිදු පියවරක් ගෙන නොමැති බවය.

එවැනි පැමිණිලි පනහක් පමණ මේවනවි සිදු කර ඇතැයි වෘත්තීය සමිති පැවසීය.

එහි දි අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට කියා සිටියේ එ් එක් එක් පැමිණිල්ල පිළිබඳ දෙපාර්තමේන්තුව ගත් ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් මීලඟ සාකච්ඡාවේ දි තමන්ට අවශ්‍ය බවය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද එක්විය.

– media unit

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements