Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරන මතයට විරුද්ධව ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්නැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

මාධ්‍ය වෙත අදහස් පල කිරීමේ දී පක්ෂයේ මහජන නියෝජිතයන් පක්ෂයේ පොදු මතය අනුව පක්ෂය ක්‍රියා කල යුතු බවත් පක්‍ෂයේ පිළිවෙතට විරුද්ධ නොවන ආකාරයට අදහස් පළ කළ යුතු බව එම ලිපියෙන් දැනුවත් කර ඇතැයි සඳහන්ය.

රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින්ගන්නා තීරණ ගැන කැබිනට් මණ්ඩලය විසින් ජනතාව දැනුවත් කරන බවත් එම තීරණවලට පටහැනිව ප්‍රකාශ නිකුත් කිරීමත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමත් පක්ෂයට සහ රජයේ ඉදිරි ගමනට හානිදායක තත්ත්වයක් මතු වනු ඇතැයිද ලිපියේ වෙයි.

එවන් ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ විනය කඩ කිරීමක් ලෙස සැලකිය යුතු බවත් එනිසා එවන් අදහස් පළ කිරීමෙන් වලකින්නැයි මන්ත්‍රීවරුන්ට දැනුවත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements