Featured News

Video Gossip

Advertisement

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා විසින් එම පළාතේ අන්තවාදී සංවිධාන සඳහා ආයුධ ලබාදුන් බව එම පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩ්සන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ නැගෙනහිර පළාතේ සාමාන්‍ය වැසියන් ඊට විරුද්ධව පැමිණිලි කිරීමට බිය වූයේ හිස්බුල්ලාට තිබූ ආණ්ඩු බලය හේතුවෙන් බවයි.

නැගෙනහිර පලාතේ අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරද්දී හිස්බුල්ලා, අතාවුල්ලා නසීර් අලි, බදියුදීන් ආදී ප්‍රසිද්ධ දේශපාලන නායකයන් එම කටයුත්තට විරුද්ධ වූ බවද ඔහු පැවසීය.

එම පළාතේ මුස්ලිම් කණ්ඩායම් ආයුධ සන්නද්ධව අන්තවාදය ප්‍රචාරය කිරීමට නැඹුරු වූ බවත් පසුව ඔවුන් මංකොල්ලකෑම් වැනි දේ සිදු කළ නමුත් ඊට විරුද්ධව සාමාන්‍ය වැසියන් ආරක්ෂක අංශයට පැමිණිලි කිරීමට ද බිය වූ බවත් ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

නැගෙනහිර පළාතේ ඇතැම් මාර්ගවල මැද කොටස ඉවත් කර ඒවායේ රට ඉදි ගස් සිටවූයේ හිටපු මහ ඇමැති හිස්බුල්ලාගේ මෙහෙයුමෙන් බවත් එම කාලයේදී ප‍්‍රදේශයේ පල්ලි ඉදිකිරීම වේගවත් වූ බවත් කාන්තාවන්ට කළු ඇඳුම් ඇඳීම වැඩි වූ බවත් ඔහු එහිදී හෙළි කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements