Featured News

Video Gossip

Advertisement

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයා, මේ වනවිට මරණීය දණ්ඩනය නියමව සිරගතව සිටින ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සමගද ගනුදෙනු කර ඇති බව ඊයේ අධිකරණයේදී හෙළි විය.

පසුගිය 18 වැනිදා මෙම උප පොලිස පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙලේ සුදා සමග පැවැත්වූ සබඳතා පිළිබඳව අනාවරණය වී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ සැකකරු හෙරොයින් ජාවාරමට සම්බන්ධව කටයුතු කර ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බවයි.

මරණ දඬුවම නියමව සිටින වෙලේ සුදා සමග කිසිදු බාධාවකින් තොරව උප පොලිස් පරීක්ෂකවරයා දුරකතන සබඳතා පවත්වා ඇති අතර ඔවුන් දෙදෙනා අතර දුරකතන සබඳතා 1000 කට වඩා පැවති බව අනාවරණය වී තිබේ. ඇතැම් දුරකතන සංවාද ඉතා දීර්ඝ වේලාවක් පැවති බව අනාවරණය වී තිබෙන බවද දිලීප පීරිස් මහතා අධිකරණය වෙත දැනුම් දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements