Advertisement


දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වූ මොරටුමුල්ල – ශ්‍රී ප්‍රේමරත්න මාවතේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇය වාසය කළ මාවතේ නිවාස 12 ක පුද්ගලයින් ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

එසේම, ඇය සමඟ මංගල උත්සවයට සහභාගි වූ පිරිස ගමන්ගත් බස් රථයේ සිටි මොරටුමුල්ල, විල්ලෝරාවත්ත, රාවතාවත්ත, කඩොලාන, එගොඩඋයන සහ කොරලවැල්ල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක්ද ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනවා.

ඒ අනුව මොරටුව කුසගිනිවත්ත ප්‍රදේශය වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements