කොරෝනා ගැන දෙයියො දනී - ඇදිරි නීතියට පෙර කොළඹින් ගමට පනියි - පිටවන සියළු මාර්ග හිරවෙයි
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
අද (29) පස්වරුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ (Southern Expressway) ගාල්ල දෙසට වන්නට දැඩි ලෙස මාර්ග තදබද ඇති වී තිබිණි.
ඊට හේතු වී ඇත්තේ අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමයි.
පොලිසිය හා සෞඛ්‍ය අංශ දැඩිව අවධානය අවධාරණය කළේ බස්නාහිර පළාතෙන් කිසිවකු පිටව නොයන ලෙසයි.
කොරෝනා අවධානම වැඩිම පලාත තුල සිට කිසිවකු හෝ වෛරසය රට තුලට ගෙන ගියහොත් එය පාලනය අසීරු වෙතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවස්ථා කිහිපයකදීම මාධ්‍ය වෙත සඳහන් කර ලදී.
මෙම දැනුම් දීම් කිසිවක් නොතකා දහස් ගණනක් ජනතාව ඇදිරි නීතිය දැමීමට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ බස්නාහිර පළාතෙන් පළා යන තත්වයක් දක්නට තිබිණි.
කොට්ටාව පිවිසුමේ සිට කිලෝමීටරයකට වැඩි දුරකට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබින.
කොලඹින් පිටත්වන සෙසු ප‍්‍රධාන මාර්ගවලද අද පස්වරුවේ දැඩි තදබදයක් ඇතිව තිබින.
බස්නාහිර පලාතෙන් පිටවීම තහනම් කර ඇති නිසා පොලිසිය විසින් ඇතැම් වාහන හරවා යැවුවද තවත් බොහෝ වාහන විවිධ හේතු දක්වමින් පලාතෙන් පිටව ගොස් ඇත.

